ඔන්ලයින් පන්ති වලට සිග්නල් සොයා බස් නැවතුමක දුක් විඳින දරුවෝ - (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
16

ඔන්ලයින් පන්ති වලට සිග්නල් සොයා බස් නැවතුමක දුක් විඳින දරුවෝ - (PHOTOS)

ඔන්ලයින් පන්ති වලට සිග්නල් සොයා බස් නැවතුමක දුක් විඳින දරුවෝ - (PHOTOS)

හැටන් නෝටර්න්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිළ පාසල්වල සිසු සිසුවියන් පිරිසක් නෝටන්බ්‍රිජ් සප්තකන්‍යා කඳු පාමුල පිහිටි බස් නැවතුම් පොළකට පවතින අයහපත් කාලගුණ තත්ත්වය ද නොතකා ඔන්ලයින් පන්ති සඳහා සහභාගී වී සිටින අයුරු පහත ඡායාරූප වලින් ඔබට දැක ගත හැකියි.

 

වාර්තාවන ආකාරයට නෝටර්න්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට දුරකථන සංඥා නොමැතිවීම හේතුවෙන් මෙලෙස නෝටර්න්බ්‍රිජ් සහ මස්කෙළිය, හපුගස්තලාව ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන් පිරිසක් තම නිවෙස් වල සිට විශාල දුරකින් පිහිටි සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොළට ඔන්ලයින් පන්ති සඳහා පැවැත්වෙන වේලාවන් හිදී දිනපතාම දෙමව්පියන් සමග පැමිණෙන බව දැනගන්නට ලැබුණා.

 

නෝටර්න්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල පරිශීලනය කිරීම සඳහා කිසිඳු දුරකථන ජාලයක සංඥා නොමැති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශයට සංඥා කුළුණක් සවි කර දෙන මෙන් එම දරුවන් සහ දෙමව්පියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

 

views

1575 Views

Comments

arrow-up