කුවේට් රාජ්‍ය ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ තොගයක් එවයි

කුවේට් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ලැබී තිබුණා.
කුවේට් රාජ්‍යයේ රතු කුරුස සංවිධානය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට ලබා දී ඇති කිලෝ ග්‍රෑම් 2486 බරැති මෙම ආධාර තොගය අද අළුයම 4.12 ට ජසීරා ගුවන් සේවයට අයත් ජේ. 9551 දරණ ගුවන් යානයෙන් මෙරටට එවා තිබුණා.
එම ආධාර තොගය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණ සිටියා.
1443 Views
Comments