ආණමඩුවේ පොලිස් සැරයන්වරයෙක් හිටිහැටියේ මිය යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
12

ආණමඩුවේ පොලිස් සැරයන්වරයෙක් හිටිහැටියේ මිය යයි

ආණමඩුවේ පොලිස් සැරයන්වරයෙක් හිටිහැටියේ මිය යයි

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

 

ආණමඩුව, වල්පාළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි සැරයන්වරයෙක් මෙලෙස  ගොස් ඇත.

 

සිය රාජකාරි නිමාකොට නිවසට ගොස් සිටි පොලිස් සැරයන්වරයා හදිසියේම රෝගී තත්ත්වයට පත්ව ඇති අතර පවුලේ අය විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇත.

 

මිය ගිය පොලිස් සැරයන්වරයාගේ පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇති අතර එම වාර්තාව ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

views

813 Views

Comments

arrow-up