AUG
05
විදුලි සේවකයෝත් විරෝධතාවයක

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් අද(05) කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම, එල්.එන්.ජී. ගෙන්වීම ඒකාධිකාරී බලය හා බෙදාහැරීමේ නල පද්ධතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමෙරිකා සමාගමකට විකිණීම යන කරුණු කීපයකට විරෝධය දක්වමින් කොළඹදී විරෝධතාවයක නිරත විය.
කොළඹ කොටුවේ පිහිටි ලංවීම මූලස්ථානය ඉදිරිපිටට රැස් වූ සේවකයින් පිරිස එහි පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූහ.
ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති නියෝජනය කරමින් සේවකයින් පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.
835 Views
Comments