වැලිඔය වතුකම්කරුවන් 12ක් අත්අඩංගුවට

හැටන් වැලිඔය ප්‍රදේශයේ දී නිරෝධාන නීති කඩ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ වතුකම්කරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වතු අධිකාරී කාර්යාලයට ගොස් එහි සේවකයන් කාර්යාලයේ සිරකර තැබීම. කර්මාන්තශාලාවේ කටයුතුවලට බාධා කිරීම සහ අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් වීම යන චෝදනා යටතේයි ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කොරෝනා ව්‍යාප්තිය නිසා වැලිඔය වසම හුදෙකලා කර තැබුණු අතර පසුගිය 15 වනදා එය ඉවත් කිරීමෙන් පසුව මෙම වතු කම්කරුවන් වතු අධිකාරී කාර්යාලයට පැමිණ මෙම හුදෙකලා කිරීම සඳහා වතු අධිකාරීවරයා මුල් වී කටයුතු කළ බවට චෝදනා කරමින් එහි සේවකයන්ට බලපෑම් කර තිබෙනවා.
953 Views
Comments