නිලධාරීන්ට පහරදී බන්ධනාගාර බස් රථයෙන් පැනගිය සිරකරුවන් සිව්දෙනා අල්ලයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
20

නිලධාරීන්ට පහරදී බන්ධනාගාර බස් රථයෙන් පැනගිය සිරකරුවන් සිව්දෙනා අල්ලයි

නිලධාරීන්ට පහරදී බන්ධනාගාර බස් රථයෙන් පැනගිය සිරකරුවන් සිව්දෙනා අල්ලයි

බන්ධනාගාර බස් රථයකින් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී පලාගිය රැඳවියන් 4 දෙනා නැවතත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබේ.

 

හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවතත් ඔවුන් බන්ධනාගාරය වෙත ගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයේ ආරක්ෂක අගුල ගලවා එහි සිටි නිලධාරීන්ට පහරදී මෙම පිරිස පැනගොස් තිබුණා.

 

පලාගිය සැකකරුවන් දෙදෙනකු එම අවස්ථාවේම අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වූ අතර ඉතිරි දෙදෙනා මාවතගම පොලිසියේ සහාය ද ඇතිව අත්අඩංගුවට ගැනුණා.

views

983 Views

Comments

arrow-up