මත්ද්‍රව්‍ය සහ මත්පැන් මෙහෙයුම්වලින් දිනක් තුළ 200ක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
25

මත්ද්‍රව්‍ය සහ මත්පැන් මෙහෙයුම්වලින් දිනක් තුළ 200ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ මත්පැන් මෙහෙයුම්වලින් දිනක් තුළ 200ක් අත්අඩංගුවට

පොසොන් පොහොය දින වූ ඊයේ(24) දිනයේ දිවයින පුරා සිදු කල මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට අදාළ මෙහෙයුම්වලදී 200කට අධික පිරිසක් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

 

අද(25) දිනයේ ද එම මෙහෙයුම් එලෙසම ක්‍රියාත්මක බවත් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් සහිතව සාද පැවැත්වීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස සියලු‍ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 

මත්ද්‍රව්‍ය හෝ මත්පැන් සම්බන්ධව තොරතුරක් ලබාදීමට ඇත්නම් 1997 දුරකථන අංකය ඔස්සේ මහජනතාවට ඒ සඳහා අවස්ථාව පවතී.

views

705 Views

Comments

arrow-up