රජයේ ප්‍රභල රාජ්‍ය ඇමතිවරයකු වැලිකඩ බන්ධනාගරයේ බීමතින් යකා නටයි , බීමත් මිතුරන්ට එල්ලුම් ගහ පෙන්වයි;ඇතැම් මිතුරන් මත් වී බන්ධනාගාර මිදුලේ ඇද වැටේ

ආණ්ඩුවේ ප්‍රභල රාජ්‍ය අමත්‍යවරයෙකු සිය යහළුවන් සමඟ ඊයේ (12) වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ යකා නටා ඇති බව ද මෝර්නින් පුවත්පත වාර්තා කරනවා.
එම පුවත්පත සදහන් කරන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සිය මිතුරන් හට එල්ලුම් ගහ පෙන්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි.
අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පවුල් දේශපාලන පසුබිමක්ද සහිත පුද්ගලයෙක් බවත් ඔහු පිස්තෝලයක්ද අතැතිව සිය මිතුරන් සමඟ බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු වී ඇති බවත් එම පුවත්පතෙහි සදහන්.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් යහළුවන් කොට කලිසම් හැඳ සිට ඇති අතර ඔවුන් සියලුම දෙනා දැඩි ලෙස බීමත්ව සිට තිබෙනවා.
බන්ධනාගාර මූලාශ්‍ර සදහන් කර ඇත්තේ ඉන් මත්වී සිටි ඇතැමෙක් බන්ධනාගාර භූමිය තුළ ඇඳවැටුණු බවයි.
මූලාශ්‍රය - the morning
1142 Views
Comments