කබ්රාල්ගේ ඉල්ලා අස් වීම ස්ථිරයි - ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්ට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
13

කබ්රාල්ගේ ඉල්ලා අස් වීම ස්ථිරයි - ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්ට

කබ්රාල්ගේ ඉල්ලා අස් වීම ස්ථිරයි - ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්ට

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම ඇමති ධූරයෙන් ඉල්ලා අස් වීම නිල වශයෙන් සනාථ කො⁣ට ඇත.

 

ඒ අනුව ඔහු මුදල්,ප්‍රාග්ධන,වෙළඳපොළ,රාජ්‍ය ව්‍යාවසාය,ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් අද පෙරවරුවේ ඉල්ලා අස්වීමට නියමිතව ඇත.

 

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත භාර දීමට නියමිතව ඇත.

 

අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉවත්වීමෙන් පසු හිස්වන මන්ත්‍රී ධූරය සඳහා නිල වශයෙන් අයෙක් පත්කොට නොමැති අතර එම අවස්ථාව ජයන්ත කැටගොඩ හට ලබා දීමට බොහෝ දුරට ඉඩ ඇත.

views

740 Views

Comments

arrow-up