ලක්‍ෂ 55ක මත්ද්‍රව්‍ය යෙදු මුද්දර සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මත් මුද්දර 1,100ක් සමඟ සැකකරුවෙකු හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
35 හැවිරිදි අදාල සැකකරු කොට්ටාව ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු සමඟ එක්ව විදේශ රටකින් ගෙන්වන ලද අදාළ මත්ද්‍රව්‍ය සහිත මුද්දර තොගය විකිණීමට සුදානම් කර තිබු බව පොලිස් විශේෂ කාර්යය බළකාය පැවසුවේය.
මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 55 ක් පමණ වන බවට ගණන් බලා තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයා අවුරුදු 28ක් වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු මියගිය ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සොත්ති උපලි යන අයගේ පුතෙකු වන බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
754 Views
Comments