ව්‍යාපාරිකයාගේ මරණය - දින ගණනාවකට පසු බිරිඳ හා සේවකයා අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ හා අදාළ ව්‍යාපාරික ස්ථානයේ සේවකයෙකු ඊයේ(24) මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ව්‍යාපාරිකයාගේ මරණය පිළිබඳ පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු පසුගිය ඔක්තෝබර් 03 වනදා මියගොස් තිබූ අතර ඊට පසු ආසන්න දිනයකදී ඔවුගේ අවසන් කටයුතු සිදුකර තිබු අතර අධිකරණ නියෝගයක් ලබාගෙන මියගිය ව්‍යාපාරිකයාගේ සිරුර යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට මීගමුව පොලීසිය තීරණය කර තිබේ.
40812 Views
Comments