එන්නත්කරනයට බාධා කර ඇප ඉල්ලූ නගරාධිපතිට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

මොරටුව ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ ඇප ඉල්ලීම අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
පසුගිය 28 වන දින නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනුණේ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මොරටුමුල්ල පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුවයි.
ඔහුව එළඹෙන ජුනි මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග දී තිබේ.
1118 Views
Comments