මාස 8 ක් ලංකාවට තෙල් සැපයීම සිංගප්පූරුවට

අද 01 සිට ලබන වසරේ ජනවාරි 21 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි මාස අටක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුව පදනම් කරගත් සමාගම් දෙකකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ආනයනය කිරීමේ අයිතිය සිංගප්පූරුවේ ඕවසීස් එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගම වෙතත් ඔක්ටේන් 92 කාණ්ඩයේ සුපිරි ඩීසල් සහ ඩීසල් මෙරට සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රෝ චයිනා සමාගම් වෙතත් ලබාදී තිබෙනවා.
949 Views
Comments