චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි තවත් 6ක් අත්අඩංගුවට - හැරෙන තැපෑලෙන් ඇප ලැබෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
01

චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි තවත් 6ක් අත්අඩංගුවට - හැරෙන තැපෑලෙන් ඇප ලැබෙයි

චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි තවත් 6ක් අත්අඩංගුවට - හැරෙන තැපෑලෙන් ඇප ලැබෙයි

නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් කොළඹ ෂැංගිලා හෝටලයේ පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සිටි බවට වාර්තා වේ.

 

මොවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

මෙම සාදයට සම්බන්ධ වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඊයේ පොලීසියට විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ටද ඇප හිමි විය.

 

මෙම සාදය සඳහා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයකු ද සම්බන්ධ වී තිබූ බවට වාර්තා වේ.

views

877 Views

Comments

arrow-up