කොලොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 129ක් සොයාගැනේ

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 129ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 37 හැවිරිදි සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය භාරයට ගැනුනු කේරල ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.
මීට අමතරව විශේෂ කාර්ය බලකාය විසින් සූරියවැව ප්‍රදේශයේ කළ ගංජා හේනක වැටලීමකදී තවත් සැකකරුවෙකු සමග ගංජා පැළ 3000ක් අත්අඩංගුවට ගෙන ඇත.
744 Views
Comments