රසායනික ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ නෞකාවක් මෙරට මුහුදේදී ගිනි ගනී

ඉන්දියාවේ ගුජරාටයේ සිට කොළඹ වරාය බලා එමින් තිබූ Express Pearl ප්‍රවාහන නෞකාව කොළඹ වෙරළට නාවික සැතපුම් 9 ක් පිටතදී ගිනි ගැනීමට ලක් වී තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා දෙකක් මේ වන විටත් පිටත් කර ඇති අතර අදාළ නෞකාව ඊයේ රාත්‍රියේදි කොළඹ වෙරළට ආසන්නයේ නැංගුරම් ලා තිබුණා.
එහි තිබූ රසායනික ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා කාරීත්වය හේතුවෙන් එම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව වාර්තා වනවා.
සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය මැයි මස 15 වනදා ඉන්දියාවේ හසීරා වරායෙන් නයිට්‍රිකි අම්ල ටොන් 25ක රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් රැගෙන යාත්‍රා කිරීම ආරම්භ කර තිබුණා.
19 වන දා කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව වරාය වෙත ඇතුළුවීමේදී වරායට නාවික සැතපුම් 9.5 ක් දුර මුහුදේ දී මෙම ගින්න හටගෙන තිබෙනවා.
1641 Views
Comments