20 ට අත ඉස්සූ මුස්ලිම් මන්ත්‍රී බැසිල් සමග පිටව යයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා(19) පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට 20 වන සංශෝධනයට සහය දැක් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද සහභාගි වී තිබේ.
රැස්වීම අවසන් වී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පිටව යන අවස්ථාවේ ඔහු සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ද සිටියේ ය.
අප කළ විමසීමකදී මුස්ලිම් ජාතික සන්ධානයේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා කියා සිටියේ, උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දීමට මෙම හමුවේදී තමන් ඇතුළු පිරිස එකඟ වූ බවය.
812 Views
Comments