වයස්ගත යුවළක් එකම වෙලාවක මියගිහින්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
19

වයස්ගත යුවළක් එකම වෙලාවක මියගිහින්

වයස්ගත යුවළක් එකම වෙලාවක මියගිහින්

දකුණු කළුතර පදිංචිව සිටි මහලු‍ අඹු සැමි යුවලක් ඉකුත් 16 වැනි දින මියගොස් තිබූ අතර එම මරණ දෙකම සිදු වී ඇත්තේ මොලයේ ඇති වූ ස්භාවික රුධිර වහනය හේතුවෙන් බව  කළුතර තොටුමුණ හදිසි මරණ පරීක්‍ෂක එස්. ඒ. කුමසාරු මහතා නිගමනය කළේය. 
 

 

මියගිය යුවල අවුරුදු 73 සහ 74 වයසේ පසු වූ අය වෙති. 

 

මොවුන් තම දියණිය සහ බෑනා සමග එකම නිවසේ පදිංචිව සිට ඇති අතර අළුයම බලන විට දෙදෙනාම මිය ගොස් සිටි බව මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර තිබුණි.

 

මෙහිදී ඉදිරිපත්වූ මරණ පරීක්ෂණ වාර්තාව සහ සාක්ෂි සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙම මරණ දෙක ස්භාවික හේතූන් මත මොලයේ අභ්‍යන්තර රුධිරවහනය හේතුවෙන් සිදු වූ මරණ බවට නිගමනය කරන ලදී.

views

1227 Views

Comments

arrow-up