යතුරුපැදිය ඇලට වැටී කොස්තාපල් මරුට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
29

යතුරුපැදිය ඇලට වැටී කොස්තාපල් මරුට

යතුරුපැදිය ඇලට වැටී කොස්තාපල් මරුට

ඉකුත් 27 වනදා කිළිනොච්චිය පුනරීන් ලින්ක් හන්දියේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් යාපනය පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබේ.


 
 යාපනය පොලිසියට අනියුක්තට සේවය කල අනුරාධපුරයේ පදිංචි පී.එස්. කුමාරසිංහ (පො.කො.86284) නැමති පොලිස් නිලධාරියා නිවාඩුවක් අවසන් කොට නිවසේ සිට රාජකාරී ස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.

 

මෙම අනතුරෙන් යතුරු පැදියටද දැඩි හානි සිදුවී තිබූ අතර පුනරීන් පොලීසිය පවසන්නේ මේ මාර්ගයේ දැඩි බෑවුම් සහිත වංගුවේදී ඔහුට යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිව එය ලිස්සා ගොස් වතුර පිරුණු ඇලට වැටී ඇති බවයි.

 

පුනරීන් පොලීසිය හා කිළිනොච්චිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

739 Views

Comments

arrow-up