පාඩුයි කියන තෙල් සංස්ථාව පසුගිය වසරේ කෝටි 3,390ක් ලාභ ලබලා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
15

පාඩුයි කියන තෙල් සංස්ථාව පසුගිය වසරේ කෝටි 3,390ක් ලාභ ලබලා

පාඩුයි කියන තෙල් සංස්ථාව පසුගිය වසරේ කෝටි 3,390ක් ලාභ ලබලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසර(2020) තුළ රුපියල් බිලියන 33.9ක එනම් කෝටි 3,390ක මෙහෙයුම් ලාභයක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

මෙලෙස එම සංස්ථාවේ මූල්‍ය ක්‍රියාකාරිත්වය වර්ධනය වීමට ගෝලීය තෙල් මිල පහල ගිය ද දේශීය මිල නොවෙනස්ව පවත්වාගෙන යාම හේතු වී ඇත.

 

එම අවස්ථාවේදී තෙල් මිල සංශෝධනය කරනවා වෙනුවට පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවනු ලැබීය. 2020 වසර තුළදී පමණක් දළ වශයෙන් බිලියන 69.2ක මුදලක් එයට එකතු වී තිබේ.

 

ලංකාව තුළ ඉන්ධන බෙදාහරින IOC සමාගම ද පසුගිය වසරේ රු. මිලියන 880ක ලාභයක් ලබා ගැනීමට සමත් විය.

views

1126 Views

Comments

arrow-up