අද කාලගුණය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
24

අද කාලගුණය

අද කාලගුණය

අද දිනයේ දී බස්නාහිර සබරගමුව දකුණු පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

මීට අමතරව වයඹ, මධ්‍යම, ඌව, උතුරු මැද, නැගෙනහිර, පළාත්වල ස්ථාන කිහිපයක දවල් කාලයේ දී හා රාත්‍රී කාලයේදී, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මහනුවර නුවරඑළිය ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකිය.

 

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ අතුරින් පුත්තලමේ සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි අද දිනයේදීත් අපේක්ෂා කරනු ලබයි. මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය පැයට කිලෝමීටර 25 ත් 35 ත් අතර අගයක් ගනු ලබයි.

 

මෙයට අමතරව ගාල්ලේ සිට පොතුවිල් දක්වා විහිදී ඇති මුහුදු ප්‍රදේශ වලත් පුත්තලමේ සිට කන්කසන්තුරේ දක්වා විහිදී ඇති මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 45 - 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

views

620 Views

Comments

arrow-up