APR
17
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ දකුණ කොට්ඨාස අපරාද විමර්ශන එ්කකයේ නිලධාරීන් විසින් බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ 34 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අත් අඩංගුවට ගන්නා විට ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 245 මිලිග්‍රෑම් 450 සහ රුපියල් ලක්ෂ 04 මුදලක් සොයා ගන්නා ලදී.
සැකකාරිය අද (17) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
847 Views
Comments