හොර බඩු සමග හසුවූ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ(16) දිනයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරණියගල කඹුරුගමුව ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් සිදුකරමින් සිටි ජල ව්‍යාපෘතියකට අයත් ජල මනු 477ක් ඇතුළු උපකරණ කිහිපයක් අස්ථානගත වීමක් පිළිබඳව පසුගිය මාර්තු මස 30 වන දින ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.
එහිදී සැකපිට අත්අඩංගුවට ගත් ගබඩාව පාර ලිපිකරුවකු සහ රියදුරෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත සිදු කළ සෝදිසියකදී සභාපතිවරයා සතුව තිබී ජල මනු 97 ක ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.
මෙම උපකරණ සොරබඩු බව දැන දැන ඒවා ළඟ තබාගැනීමේ වරදට මේ වෙනවිට සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
735 Views
Comments