රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මගින් නිවසටම
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
04

රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මගින් නිවසටම

රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මගින් නිවසටම

සියලුම රජයේ රෝහල් වල සායන සඳහා ලියාපදිංචිව සිටින රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපෑල මගින් නිවසටම ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

 

මෙම රෝගීන්ට සිය ඖෂධ ලබා ගැනීම පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

 

මෙම සේවාව ලබා ගැනීමට රෝගීන් තම ස්ථීර ලිපින යොදාගනිමින් සායනය සඳහා ලියාපදිංචි වී තිබිය යුතුය. එසේ නොවේ නම් ඒ පිළිබඳව රෝහල දැනුවත් කර තොරතුරු යාවත්කාලීන කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

 

ඔබට මේ පිළිබඳව තොරතුරු ලබාගත හැකි දුරකථන අංක පහතින්

 

0720720720   /  0720606060

views

985 Views

Comments

arrow-up