ඊයේ ආසාදිතයන් 2845 ක් මරණ 1500 පනී

ඊයේ දිනයේ දී මෙරටින් Covid 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 2845 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමඟ මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 182 616 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී සිදු වූ එක් කොවිඩ් ආසාදිත රෝගියෙකුගේ මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
මීට අමතරව මැයි 20 සිට මැයි 31 දක්වා තවත් කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1527 දක්වා ඉහළ ගියා.
මේ අතර ඊයේ දිනය තුළ පමණක් නිරෝධායන නීති කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 1038 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළා.
994 Views
Comments