යාස් අද ඉන්දියාවට - වැසි තත්වයේ යම් අඩු වීමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
26

යාස් අද ඉන්දියාවට - වැසි තත්වයේ යම් අඩු වීමක්

යාස් අද ඉන්දියාවට - වැසි තත්වයේ යම් අඩු වීමක්

යාස් සුලිකුණාටුව අද දිනයේ දී ඉන්දියාවට ඇතුළු වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

 

එම හේතුව නිසා අද දිනයේ දී මෙරටට බලපාන වැසි තත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ වාර්තාවේ සඳහන්.

 

මේ හේතුව නිසා අද දිනයේ දී සබරගමුව පළාතේ ඇතැම් ස්ථාන වලටත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර් 75 ක තරමක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

 

ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලටත් උතුරු පළාත, උතුරු මැද පළාත සහ වයඹ පළාතටත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 70 ඉක්මවූ සුළං ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

views

998 Views

Comments

arrow-up