අද අලුයම චීන එන්නත් 500 000ක් පැමිණේ (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
26

අද අලුයම චීන එන්නත් 500 000ක් පැමිණේ (VIDEO)

අද අලුයම චීන එන්නත් 500 000ක් පැමිණේ (VIDEO)

මෙරටින් කරන ලද ඉල්ලීමකට අනුව චීන රජයේ ප්‍රදානයක් ලෙසින් ලැබෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක ප්‍රමාණයක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂිත ගුවන් යානයක් අද අලුයම් කාලයේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබුණා.

 

මෙම එන්නත් තොගය භාරගැනීමේ අවස්ථාවට මෙරට චීන තානාපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

 

එහිදී චීන තානාපති වරයා විසින් අදාළ එන්නත් මාත්‍රා තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට බාරදීම සිදුකර තිබුණා.

 

චීනය විසින් නිෂ්පාදනය කරන ලද සයිනොවැක් එන්නත ද මෙරට නිෂ්පාදනය සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එන්නත් භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

 

 

views

1097 Views

Comments

arrow-up