සුපිරි රියෙන් කුඩු ඇද්ද චූටි උක්කුංගේ මල්ලිට වැඩ වරදී

මට්ටක්කුලිය ශාන්ත මරියා දෙව් මැදුර ඉදිරිපිටදී කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකල වැටලීමකදී හෙරොයින් කිලෝ එකකට අධික තොගයක් හා රැපියල් තුන්ලක්ෂයකට අධික මුදලක් සමඟ පාතාක කල්ලි සාමාජිකයෙකු වන චූටි උක්කුංගේ මල්ලී අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම වැටලීම අද පෙරවරුවේ සිදු කොට ඇතැයි වාර්තා වෙන්නේ
ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකොට ඇති අතර හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් සුඛෝපභෝගී රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා
එසේම මෙම හෙරොයින් කොළඹ හා ඒ අවට ප්‍රදේශයන්ට බෙදා හැරීම සඳහා රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වෙනවා
සැකකරු රැදවුම් නියෝග යටතේ ප්‍රශ්ණ කිරීමට නියමිතයි
9062 Views
Comments