සංචරණ සීමා නොතකමින් කොළඹ සිට මඩකලපුවට බස්රථ 3ක් - මගීන් තිදෙනෙකුට කොරෝනා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
02

සංචරණ සීමා නොතකමින් කොළඹ සිට මඩකලපුවට බස්රථ 3ක් - මගීන් තිදෙනෙකුට කොරෝනා

සංචරණ සීමා නොතකමින් කොළඹ සිට මඩකලපුවට බස්රථ 3ක් - මගීන් තිදෙනෙකුට කොරෝනා

පළාත් සංචරණ සීමා නොතකා කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු සුඛෝපබෝගී බස් රථ තුනක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

චෙංකලඩි - බදුල්ල මාර්ගයේ මාර්ග බාධකයක යුද හමුදා නිලධාරීන් හා පොලීස් නිලධාරීන් විසින් එම බස්රථ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම බස්රථවලට පළාත් අතර සංචරණය සිදුකිරීමට අදාළ කිසිදු බලපත්‍රයක් නොමැති බවයි.

 

පසුව එම බස්රථවල ගමන් ගත් මගීන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකර ඇති අතර ඉන් තිදෙනෙක් ආසාදිත බවට තහවුරු වී තිබේ.

 

ආසාදිතයින් කරදියනාරු රෝහලට ඇතුළත් කර සෙසු පිරිස නිවෙස් බලා පිටත් කර ඇත.

 

අත්අඩංගුවටගත් බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

773 Views

Comments

arrow-up