කොවිඩ් නිව්මෝනියාවෙන් පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
30

කොවිඩ් නිව්මෝනියාවෙන් පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වෙයි

කොවිඩ් නිව්මෝනියාවෙන් පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වෙයි

ලංකා සමසමාජ පක්ෂයේ විධායක සභිකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් අපවත් වී තිබෙනවා.

 

අපවත් වන විට උන්වහන්සේ 68 හැවිරිදි වියේ පසු වුණා.

 

මාතර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන උන්වහන්සේ අපවත් වූ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

 

මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු හිමිනම ලෙස පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඉතිහාසයට එක්වන අතර උන්වහන්සේ 2001 වසරේ සිට 2004 වතුර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

views

903 Views

Comments

arrow-up