අයිතිකරුවන් නොමැති රුපියල් මිලියන 39 ක කේරළ ගංජා තොගයක් සොයා ගනී (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
23

අයිතිකරුවන් නොමැති රුපියල් මිලියන 39 ක කේරළ ගංජා තොගයක් සොයා ගනී (PHOTOS)

අයිතිකරුවන් නොමැති රුපියල් මිලියන 39 ක කේරළ ගංජා තොගයක් සොයා ගනී (PHOTOS)

යාපනය තොන්ඩමන්ආරු වෙරළ තීරයේ පාමුර සංචාරයක යෙදෙමින් සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසකට වෙරළේ අතහැර දමා තිබූ කේරළ ගංජා 131Kg 800g ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඊයේ (22) දිනයේ දී සොයාගත් මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 39.54ක් බවට ගණන් බලා තිබෙනවා.

 

ඊයේ රාත්‍රියේ දී නාවික හමුදා නිලධාරීන් පිරිසක් විශේෂ පා මුර සංචාරයක නිරත වී ඇති අතර එහිදී තොණ්ඩමන්ආරු වෙරළේ උර හතරක බහා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකි වී තිබුණා. රටේ පවතින තත්වය හමුවේ එම කේරළ ගංජා තොගය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විනාශ කිරීමට නාවික හමුදාව කටයුතු කළා.

 

 

views

1414 Views

Comments

arrow-up