කක්කල් කැස්ස රෝගය නැවතත් හිස ඔසවයි
ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි.
වාර්ෂිකව ලොව පුරා කක්කල් කැස්ස රෝගීන් හා මරණ යම් ප්‍රමාණයක් වාර්තා වුවද මේ වසරේ එහි වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
විශේෂයෙන් චීනය, පිලිපීනය, නෙදර්ලන්තය, අමෙරිකාව හා බ්‍රිතාන්‍ය යන රටවලින් එම රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව සඳහන් ය.
මේ වසරේ පළමු මාස දෙක තුළ පමණක් චීනයෙන් කක්කල් කැස්ස වැළඳුණු රෝගීන් 32,380 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 13ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක ඉහළ යාමක් බව චීන බලධාරීන් පෙන්වාදී තිබේ.
පිලිපීනයේ ද කක්කල් කැස්ස රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 34ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා විය.
105 Views
Comments