නව කොරෝනා නීතිවලට එරෙහිව චීනයේ ජනතාව පාරට බසී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

නව කොරෝනා නීතිවලට එරෙහිව චීනයේ ජනතාව පාරට බසී

නව කොරෝනා නීතිවලට එරෙහිව චීනයේ ජනතාව පාරට බසී

මේ දිනවල චීනයේ පැතිර යන කොවිඩ් රැල්ල හේතුවෙන් එරට බොහෝ ප්‍රාන්ත අනපේක්ෂිත අගුළුදැමීම් වලට ලක් කරමින් සිටින අතර මෙම තත්වය තමන්ට පීඩාවක් බව දක්වමින් චීන වැසියන් එම නීතිරීති වලට හා චීන රජයට එරෙහිව කැරළි ගසන්නට පටන්ගෙන තිබේ.


දැඩි කොවිඩ් ක්‍රියාමාර්ගවලට එරෙහිව චීනයේ විරෝධතා තීව්‍ර වී ඇති අතර ඇතැමුන් කොමියුනිස්ට් පක්ෂ නායකයින් කෙරෙහි ප්‍රසිද්ධියේ කෝපය පිට කර ඇතැයිද දහස් ගනනක් විරෝධතාකරුවන් ෂැංහයි වෙත පැමිණ පොලිස් රථ වටකරගෙන සිටින බවද BBC වාර්තා කර තිබේ.



බීජිං සහ නැන්ජිං විශ්ව විද්‍යාලවල සිසුන් මේ සඳහා ඹූලිකත්වය ගෙන ඇත.



නවතම නොසන්සුන්තාවය මතුවූයේ චීනයේ වයඹදිග Urumqi හිය. විරෝධතා නිසා  පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් ඇතැයිද වාර්තාවේ.



චීනයේ විශාලතම නගරය සහ රටේ නැගෙනහිර ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ෂැංහයි හි සෙනසුරාදා රාත්‍රියේ විරෝධතාවයේදී මිනිසුන් "ෂී ජින්පින්, ඉවත් වන්න" සහ "කොමියුනිස්ට් පක්ෂය, ඉවත් වන්න" වැනි සටන් පාඨ විවෘතව කෑගසනු වාර්තා විය.

 

සමහරු හිස් සුදු බැනර් අතැතිව සිටි අතර තවත් සමහරු ඉටිපන්දම් දල්වා Urumqi හි විපතට පත් වූවන් වෙනුවෙන් මල් තැබූහ.



එවැනි ඉල්ලීම් චීනය තුළ අසාමාන්‍ය දසුනක් වන අතර, රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි ඕනෑම සෘජු විවේචනයක ප්‍රතිඵලයක් වශයෙන් දරුණු දඬුවම් පැමිණවිය හැකිය.

views

112 Views

Comments

arrow-up