ඉන්දීය මහ මැතිවරණය ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

ඉන්දීය මහ මැතිවරණය ඇරඹෙයි

ඉන්දීය මහ මැතිවරණය ඇරඹෙයි

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි.

 

ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතයි.

 

මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි. මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි.

 

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත. 

views

83 Views

Comments

arrow-up