දුෂ්මන්ත චමීර අයිපීඑල් පිටියට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

දුෂ්මන්ත චමීර අයිපීඑල් පිටියට

දුෂ්මන්ත චමීර අයිපීඑල් පිටියට

IPL තරගාවලියේ අද (26) පැවැත්වෙන තරගයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර තරග කිරීමට නියමිතය.

 

ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් අද තරග වදින්නේ පළමු වරටය.

 

ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එක්වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මිලකට බව වාර්තා වේ.

 

දුෂ්මන්ත චමීර එලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් තොරගෙන තිබුණේ එංගලන්ත පන්දු යවන ක්‍රීඩක Gus Atkinson වෙනුවටය.

 

දුෂ්මන්ත චමීර මීට පෙර IPL තරගාවලියවලදී  2018 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කර ඇති අතර 2021 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහා ක්‍රීඩා කළේය. 

 

2022 IPL තරගාවලියේදී ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් නියෝජනය කළේය.

 

අද තරගය පැවැත්වෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතරය.

views

223 Views

Comments

arrow-up