තරඟ 2කින් යුත් වෝන් - මුරලි ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් 'වෝන් - මුරලි' ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කළේය.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 සිට පෙබරවාරි 2 දක්වා පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි 6 සිට 10 දක්වා පැවැත්වේ.
මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක (ශරීර යෝග්‍යතාව මත), ඕෂද ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ, නිශාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, මිලාන් රත්නායක
158 Views
Comments