චන්ද්‍රිකා - මෛත්‍රී සුසංයෝගයෙන් නව සංධානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

චන්ද්‍රිකා - මෛත්‍රී සුසංයෝගයෙන් නව සංධානයක්

චන්ද්‍රිකා - මෛත්‍රී සුසංයෝගයෙන් නව සංධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

නව සන්ධානයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවද එහෙත් එහි ලේකම් දූරය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා පුටුව ලකුණ යටතේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු සන්ධානයේ හිටපු පක්ෂ කීහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.

 

නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද මෙම සන්ධානයට එක්වනු ඇති බවද වාර්තාවේ.

views

213 Views

Comments

arrow-up