පිල්මාරුව නිසා සජබය ඇතුලේ අර්බුදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

පිල්මාරුව නිසා සජබය ඇතුලේ අර්බුදයක්

පිල්මාරුව නිසා සජබය ඇතුලේ අර්බුදයක්

වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්වීමත් සමග එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

පසුගිය දින කිහිපය තුළ ම විපක්ෂයේ දේශපාලඥයින් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සමගි ජන බලවේගය හා එක්වුණි.

 

කෙසේවෙතත් සමගි ජන බලවේගය සමග අලුතින් එක්වන ඇතැම් පිරිස් වෙත මෙතෙක් කල් එම පක්ෂයේ රැඳීසිටි පිරිස් විසින් විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

 

ඊට මුලික හේතුව වී ඇත්තේ නව මන්ත්‍රීවරුන් එක්වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය සඳහා පවතින තරගය උග්‍ර වීම බව සඳහන්ය.

 

කෙසේවෙතත් සමගි ජන බලවේගය එහි සාමාජිකත්වය ලබා දෙමින් පක්ෂය සමග එක් කරගෙන ඇත්තේ ජයරත්න හේරත්, චන්දිම වීරක්කෝඩි, ශාන් විජයලාල් සහ දයාශ්‍රිත තිසේරා යන මන්ත්‍රීවරුන් පමණක් බව වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, විවිධ මතවාද පැවතුනද ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට තම පක්ෂය කටයුතු කරමින් සිටින බවය.

 

ඉදිරියේ දී තවත් ප්‍රබල මන්ත්‍රීවරුන් තම පක්ෂය හා එක්වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

 

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බව එම මන්ත්‍රීවරයා පැවසුවේය.

views

149 Views

Comments

arrow-up