“මැතිවරණයෙන් 50%ට වැඩියෙන් ගන්නවා” - අනුර කුමාර

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹදී අද (19) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු එම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,
"රනිල් දැන් කියනවා ආණ්ඩුව ගන්න ආරාධනා කළා ඒ වෙලාවේ අපි හැංගුණා කියලා. රනිල්ගේ තරමට ඔය වගේ දේවල් කිව්වට කමන්නේ නැහැ. හැබැයි ජනාධිපති නිසා ඔය වගේ දේවල් කියන්න එපා. අපි බලය ඉල්ලලා ගෝඨාභයට ලිපියක් යැවුවා. ඒ ලියුම හම්බුණා කියලාවත් පිළිතුරු එව්වේ නැහැ. පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරපු වෙලාවේ ඉතිං මාව ජනාධිපති කරන්න තිබුණානේ. එයාලා අපිට එහෙම බලය දෙන්නේ නැහැ. අපි කිසිසේත්ම පැනලා ගියේ නැහැ. අපි ලෑස්තියි රට භාරගන්න.
267 Views
Comments