හිටපු නාවික හමුදාපතිත් සමගි ජන බලවේගය සමඟ එක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

හිටපු නාවික හමුදාපතිත් සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

හිටපු නාවික හමුදාපතිත් සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

 

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇත.

 

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන තිබේ.

views

188 Views

Comments

arrow-up