කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 08 දෙනෙකුට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 08 දෙනෙකුට කොරෝනා

කොරෝනා  ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 08 දෙනෙකුට කොරෝනා

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2682ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

අද දිනයේ හදුනාගැනුණු රෝගීන් 8 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන්ය.

 

ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2007 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අද දිනයේ තවත් රෝගීන්  6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.

 

ඒ අනුව තවත් රෝගීන් 656 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

views

869 Views

Comments

arrow-up