කොළඹ හුදෙකලා මහල් නිවාස ආශ්‍රිතව නොමිලේ ජංගම වෛද්‍ය සායන
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

කොළඹ හුදෙකලා මහල් නිවාස ආශ්‍රිතව නොමිලේ ජංගම වෛද්‍ය සායන

කොළඹ හුදෙකලා මහල් නිවාස ආශ්‍රිතව නොමිලේ ජංගම වෛද්‍ය සායන

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදෙකලා කර ඇති මහල් නිවාස ආශ්‍රිතව නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්විමට සැළසුම් කර තිබෙනවා.

 

නගරසභා රෝග නිවාරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන සඳුදා සිට එම කටයුතු ආරම්භ කරන බවයි.

 

ඒ අනුව මෝදර, ‘මෙත්සඳ සෙවන’, ‘මහිජය සෙවන’ සහ ‘රන්මිණ සෙවන’ ආශ්‍රිතව එළඹෙන 16, 17 සහ 18 යන තෙදින වෛද්‍ය සායන පැවැත්වෙනු ඇති.

 

බ්ලූමැන්ඞ්ල් ‘සිරිසඳඋයන’ වෛද්‍ය සායනය 19 වනදාත්, මාලිගාවත්ත භ්‍යී නිවාස සංකීර්ණයේ වෛද්‍ය සායනය 20 වනදාත් පැවැත්විමට නියමිතයි.

 

ලබන සෙනසුරාදා මෝදර ‘රන්දිය උයන’ ආශ්‍රිතව ද 23 වනදා බ්ලූමැන්ඩල් ‘සිරිමුතු උයන’ ආශ්‍රිතව ද සායන පැවැත්වෙන බව මහනගර සභාව සඳහන් කළා.

 

ලබන 24 වනදින සායනය පැවැත්වෙන්නේ තොටලග ‘මුවදොර උයන’ නිවාස සංකීර්ණයේයි.

 

මේ අතර ලබන 25, 26, 27 සහ 28 දිනවලදී මෝදර ‘සිරිසඳ සෙවන’ ‘රන්මුතු සෙවන’ සහ ‘සත් හිරු සෙවන’ මෙන්ම ‘ලක් හිරු සෙවන’ මහල් නිවාස ආශ්‍රීතව ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

ඒ පිළිබඳ වැඩි විස්තර ප්‍රදේශය භාර මහනගර සභා වෛද්‍යවරයාගෙන් ලබාගත හැකියි.

 

 

 

views

699 Views

Comments

arrow-up