විපක්ෂ නායක සජිත් ජෝ බයිඩන්ට සුබ පැතුම් එක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

විපක්ෂ නායක සජිත් ජෝ බයිඩන්ට සුබ පැතුම් එක් කරයි

 විපක්ෂ නායක සජිත් ජෝ බයිඩන්ට සුබ පැතුම් එක් කරයි

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්.

 

 ජෝ බයිඩන් ජන්ද විද්‍යාල 290ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද විද්‍යාල 214ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

 

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර ජෝ බයිඩන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කරනු ලැබුවා.

 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් අභිනවයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා.

 

 

 

 

views

925 Views

Comments

arrow-up