ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ලගේ අභියාචනා විභාගයට නොගෙනම විසිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ලගේ අභියාචනා විභාගයට නොගෙනම විසිවෙයි

ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ලගේ අභියාචනා විභාගයට නොගෙනම විසිවෙයි

ශ්‍රී ලංකාවේ එංගලන්ත තරඟ සංචාරය අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තරඟ තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයකර ඇතැයි එහි උසස් නිලධාරියෙක් කියා සිටියේය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු‍ රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් මෙලෙස වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටිති.

 

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පසුගිය දිනක පැමිණි අවස්ථාවේදී ඔවුන්ට උපදෙස්දී පිටත්කර හැරි බවත් කී එම උසස් නිලධාරියා දඬුවම පරිදි මනෝ වෛද්‍ය උපදෙස් ගෙන යහමඟ පත්වුවහොත් දෙසැම්බර් මස පැවැත්වෙන එල්. පී. එල්. තරඟාවලියට සහභාගි වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සළකා බලන බව දැනුම් දුන් බවද පැවසීය.

 

ධනුෂ්ක ගුණතිලක විදේශගතව සිටීම හේතුවෙන් පැමිණීමට නොහැකි වීමෙන් පසුව ඔහු පැමිණෙන බව දැනුම්දී තිබූ බවත් ඔහු නැවත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා සඳහන් කළේය.

views

600 Views

Comments

arrow-up