සුනාමි ඛේදවාචකයට හෙටට වසර 16යි - රටපුරා පිංකම්

පුද්ගලයන් දහස් ගණනකගේ ජීවිත මහ මුහුදේ රල රළ පෙලින් උදුරාගෙන ගිය සුනාමි ඛෙදවාචකයට හෙට දිනට වසර 16ක් සම්පූර්ණ වනවා.
2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ඛේදවාචකය සිහිපත් කරමින් සෑම වසරකම එම දිනය ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කෙරුණා.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට ගරු කරමින් දිස්ත්‍රික්ක මට්ටමින් ආගමික වතාවත් සිදුකර සුනාමි ඛේදවාචකයෙන් මියගිය දෙස් විදෙස් සියලු ජනතාව සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
891 Views
Comments