Pfizer සමාගමේ නිෂ්පාදනය වන කොරෝනා එන්නත භාවිතයට අපේ රටේ ප්‍රායෝගික දුෂ්කරතා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

Pfizer සමාගමේ නිෂ්පාදනය වන කොරෝනා එන්නත භාවිතයට අපේ රටේ ප්‍රායෝගික දුෂ්කරතා

Pfizer සමාගමේ නිෂ්පාදනය වන කොරෝනා එන්නත භාවිතයට අපේ රටේ ප්‍රායෝගික දුෂ්කරතා

Pfizer සමාගමේ නිෂ්පාදනයක් වන එන්නත, දැඩි අධිශීතකරණ තත්ත්වයක් මත තබා ගැනීම සම්බන්ධයෙන් අප රටට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බැවින් ශ්‍රී ලංකාවට කොවිඩ් -19 මර්දන එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇතයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා  

 

අපේ වගේරටක දීර්ඝ කාලීනව බලපුවාම ඒ වගේ අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා තියෙන්න පුළුවන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේය.

 

Pfizer සමාගමේ නිෂ්පාදනයක් වන එන්නත  -75C උෂ්ණත්වයක ගබඩා කර තැබිය යුතු බැවින් සෞඛ‍යමය මෙන්ම ආර්ථිකමය වශයෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවට වන සංවාදයක් මේවන විටත් ලොව පුරා ඇති වෙමින් තිබේ.

views

806 Views

Comments

arrow-up