ගිවිසුම් කඩකළ වෛද්‍යවරුන් 95කට කෝටි ගණනක දඩ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

ගිවිසුම් කඩකළ වෛද්‍යවරුන් 95කට කෝටි ගණනක දඩ

ගිවිසුම් කඩකළ වෛද්‍යවරුන් 95කට කෝටි ගණනක දඩ

ගිවිසුම් කඩකළ වෛද්‍යවරුන් 95දෙනෙකුට රුපියල් අටකෝටි දහනව ලක්ෂයකට අධික මුදලක් රජයට අය විය යුතුව තිබෙනවා.

 

පශ්චාත් උපාධිය ලැබීමෙන් පසු රාජකාරි කළ යුතු අනිවාර්ය සේවා කාලය ලබා නොදීම මෙන්ම වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගත විමෙන් පසු යළි සේවයට වාර්තා නොකිරීම යන වැරැදි කළ වෛද්‍යවරු ද මේ අතර වෙනවා.

 

මේ බව අනාවරණය වන්නේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවෙන්.

 

එමෙන්ම සේවය හැර ගිය වෛද්‍යවරුන් 107 දෙනකුගෙන් අය කර ගත යුතුව තිබූ මුදල් පිළිබඳ නිවැරැදි තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොතිබූ බවද විගණකාධිපතිවරයා සඳහන් කළා.

 

 

 

 

views

809 Views

Comments

arrow-up