නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවෙන් උසාවියට නොදැමූ කුඩු කිලෝ 600ක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවෙන් උසාවියට නොදැමූ කුඩු කිලෝ 600ක් හමුවෙයි

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවෙන් උසාවියට නොදැමූ කුඩු කිලෝ 600ක් හමුවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ආන්දෝලනාත්මක ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාව ඊයේ (09දා) විවෘත කර සිදු කළ විශේෂ පරීක්ෂාවේදී එහි තිබී අධිකරණ හමුවට ඉදිරිපත් නොකළ හෙරොයින් කිලෝ හයසියයකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

 

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් පෙරේදා 8 ලබා දුන් විශේෂ නියෝගයකට අනුව, අදාළ ප්‍රධාන නඩු භාණ්ඩ සංඛ්‍යාව මුද්‍රා කඩා ඊයේ දහවල් 12.45ට පමණ විවෘත කළේය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව, අධිකරණ නියෝග පරිදි අදාළ නඩු භාණ්ඩ ගබඩාව පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

 

කිලෝ හයසියකට අධික මත්ද්‍රව්‍ය තොගය අද (10දා) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන යාමට නියමිතය.

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අදාළ නඩු භාණ්ඩ ගබඩාවට ඉකුත් ජුනි 28 වැනිදා මුද්‍රා තබන ලදී.

 

මෙම නඩු භාණ්ඩ ගබඩාවේ තිබෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, රජයේ රස පරීක්ෂකවරයාට පෙරේදා (8) නියෝගයක්ද කළාය.

 

 

 

views

802 Views

Comments

arrow-up