වරාය වර්ජනය අවසන් කරන්න අගමැති දුන් විසඳුම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

වරාය වර්ජනය අවසන් කරන්න අගමැති දුන් විසඳුම

වරාය වර්ජනය අවසන් කරන්න  අගමැති දුන් විසඳුම

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හේතුවෙන්, වර්ජනය අවසන් කළ බව වරාය වෘත්තීය සමිති පවසනවා.

 

දොඹකර ගැටළුවක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක නිරත වූ කොළඹ වරාය සේවකයින් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වුණා. 

 

අග්‍රාමාත්‍යවරයා හා වරාය වෘත්තීය සමිති අතර අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ පැවැති සාකච්ඡාවේදී චීනයෙන් මෙරටට ගෙන්වූ ග්‍රැන්ට්‍රි දොඹකර තුන වරායේ ගොඩබෑමට පමණක් එකඟතාවයට එළැඹ තිබෙනවා. 

 

වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදි සාකච්ඡා කර විසදුම් ලබා දීමට පියවර ගන්නා බවද එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබෙනවා. 

 

ඒ අනුවයි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති නියෝජිතයින් එකඟතාවය පළ කළේ.

 

 

 

views

726 Views

Comments

arrow-up