කොටි මහ විරු සැමරුම්වලට එරෙහිව යාපනය මහාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

කොටි මහ විරු සැමරුම්වලට එරෙහිව යාපනය මහාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

කොටි මහ විරු සැමරුම්වලට එරෙහිව යාපනය මහාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

එල් ටී ටී ඊ මහ විරු සැමරුම් වළක්වාලීමට පොලිසිය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉදිරිපත්වු පෙත්සම් කිහිපයක් යාපනය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

එම තීන්දුව ඓතිහාසික එකක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

 

 

"අද දිනයේ සවස 2.30 ට පමණ යාපනය මහාධිකරණයේ ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 

 

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයන් විසින් ඉල්ලා සිටියේ කොටි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමරනු ලබන මහ වරු සැමරුම වැළැක්වීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ගන්නා උත්සාහය නැවැත්වීමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙහිදී පෙත්සම් හතරක් අධිකරණය වෙත යොමු කර තිබුණා.

 

 

ඒවායින් පෙත්සම්කරුවන් කියා සිටියේ ලබන නොවැම්බර් 25 26 27 යන දිනවල උතුරු ප්‍රදේශය පුරා පැවැත්වීමට නියමිත සැමරුම් පැවැත්වීමට සූදානම් කර ඇති බවත්, ඒවා වැළැක්වීමට පොලිසිය ගන්නා උත්සාහයන් නවත්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

 

කෙසේ වෙතත් නීතිපති වෙනුවෙන් රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දැක්වීමේදී සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීම සඳහා මෙම අධිකරණයට අධිකරණ බලය සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙන බවයි.

 

එම තර්කය පිළිගනිමින් මහාධිකරණය පෙත්සම්කරුවන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

 

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මහධිකරණය අධිකරණ බලය සම්බන්ධයෙන් මෙම නියෝගය මගින් ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙනවා.

 

ඒ අනුව කොටි විරු සැමරුම් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසියට ක්‍රියාමාර්ග ගැනීමට ඇති අයිතිය මෙම අධිකරණ තීන්දුවත් සමඟ තවදුරටත් තහවුරු වී තිබෙනවා. "

 

 

views

598 Views

Comments

arrow-up